WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාපන්දු සම්මේලන නිලවරණය අදයි

2023 January 14- Page Views : 358

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිලවරණය අද (14) පැවැත්වෙනවා. උදෑසන 10ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම නිලවරණය පැවැත්වීමට නියමිතයි.

පාපන්දු නිලවරණයට පැය කිහිපයක් ඉතිරිව තිබියදී සභාපති ධූරය සඳහා නාමයෝජනා භාරදී තිබුණු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හිටපු සභාපති ජස්වර් උමාර්ගේ නාමයෝජනාව නීතිවිරෝධී බවට සඳහන් කරමින් නිර්දේශයක් ලබා දෙන්නට පාපන්දු අභියාචානා කමිටුව විසින් ඊයේ කටයුතු කළා.

ඒ රාජ්‍ය සේවා පාපන්දු සම්මේලනයෙන් විසින් ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුයි.

ඒ අනුව අදාළ තීරණය ක්‍රියාත්මක කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා පාපන්දු නිලවරණ කමිටුව වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද උදෑසන ගන්නා බවයි ශ්‍රී ලංකා පාපන්දු නිලවරණ කමිටුවේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඹ ගඛග් මජිඩ් කියා සිටියේ.

මේ අතර තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැකි බව එම සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් ප්‍රකාශ කළා.

ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට නිලවරණයට තරග කිරීමට බාධාවක් වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.