WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

2023 January 16- Page Views : 358

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 317 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 166 ක්, Shubman Gill ලකුණු 116 ක් හා Rohit Sharma ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 22 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 73 ක් පමණයි.