WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොඩි සනා දැන් සුවයි දුෂ්මන්තත් හරි

2023 January 19- Page Views : 358

ආබාධ තත්ත්වයන් හේතුවෙන් සංචාර කිහිපයක්ම අහිමි වූ ක්‍රිකට් පිටියේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළැඹෙන නවසීලන්ත සංචාරයේදී ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයෙන් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩල ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මේ දෙදෙනාගේම ආබාධ සම්පූර්ණයෙන්ම සුව වී ඇති හෙයින් ඔවුන් ඉදිරි නවසීලන්ත සංචාරයේ තේරීම් කෙරෙහි අවධානයට ලක්වනු ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

2018 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී කුසල් උරහිසේ ආබාධයකට ලක්විය. හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ඔහු එලෙස උරහිසේ ආබාධයකට ලක්වූයේ හයේ පහරක් නැවැත්වීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙස ඇති වූ උරහිසේ ආබාධය සුව කර ගැනීම උදෙසා ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය කෙරිණි.

නිමා වූ ලෝක කුසලාන තරඟාවලියේදී පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ අතර, පසුව හදිසි ශල්‍යකර්මයකට ලක් කළේය.