එංගලන්තය, නවසීලන්තය අභිබවයි
2023 January 23- Page Views : 358 ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලැබූ පරාජයත් සමඟ නවසීලන්ත කණ්ඩායමට අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානය දක්වා පහත බැස ඇත්තේ එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්කරමින්.
ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගතකිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එම ස්ථානයේ පසු වූ ඔස්ට්‍රෙලියාව 04 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.