WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිමාෂ ඒෂාන්ට පැනවූ තරග තහනම දිගු වෙයි

2023 January 27- Page Views : 358

කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට පැනවූ වසර හතරක තරග තහනම වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුට පැනවූ තරග තහනමට අදාළව සිදුකළ අභියාචනා පරීක්ෂණයේ තීන්දුවට අනුවයි.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට වරදකරු වීම හේතුවෙන් මෙලෙස තරග තහනමක් පැනවීමට පියවර ගත් අතර, එය අභියාචන තීන්දුවට අනුව 2021 වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා සිට 2027 වසරේ ඔක්තෝම්බර් 25 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.