WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම ගැන සාකච්ඡා

2023 January 28- Page Views : 358

ක්‍රිකට් පරිපාලනය කඩිනමින් වෙනස් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී අතුරුකමිටු නියෝජනය කළ හිටපු සාමාජිකයින් කිහිප දෙනෙක් ද එක්ව සිටියා.

එහි දී යළිත් අතුරු කමිටුවක් පත්කිරීම වෙනුවට නිදහස් ස්වාධීන පරිපාලන කමිටුවක් පත් කර ඒ යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණයකට යාමේ හැකියාව පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

විශේෂයෙන් ක්‍රිකට් නිලවරණයක ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා වී ඇති අතර, අවසන් එකඟතාවකට එහි දී පැමිණ නොමැති බව යි වාර්තා වන්නේ.