WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එංගලන්ත ලයන්ස් පැරදූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල

2023 January 29- Page Views : 358

එංගලන්ත ලයන්ස් සමඟ පැවති පුහුණු තුන්දින ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට හැකියාව ලැබුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 413ක් ලබා සිය පළමු අත්හිටවනු ලැබුවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 355ක් ලබා සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 150ක් සහ ලහිරු උදාර ලකුණු 93ක් ලබා ගත්තා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී රැස්කරගත්තේ ලකුණු 250ක් පමණයි.

ඒ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ලකුණු 308ක ඉලක්කයක් හිමිකර දෙමින්.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදී ජයග්‍රහණ කරා රැගෙන ගිය නායක ලසිත් කෲස්පුල්ලේ ලකුණු 116ක් ලබා ගත්තා.

පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 52යි.