ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව චෝදනාවක්
2023 February 05- Page Views : 12
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව එරට අධිකරණයේ නඩුවක් ගොනු වී තිබෙනවා.
මෙම නඩුව ගොනු කර ඇත්තේ විනෝද්ගේ බිරිඳ විසින්.
විනෝද් විසින් තමන්ට දරුණු අයුරින් සහ අමානුෂික අන්දමින් පහර දුන් බවටයි චෝදනාව එල්ල වී ඇත්තේ.
විනෝද්ගේ බිරිඳ වන ඇන්ඩ්‍රියා හෙවිටි විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ සිය ස්වාමියා විසින් තමන්ට මානසික හා ශාරීරික අන්දමින් හිංසනයන් සිදු කර බවට ද වැඩිදුරටත් චෝදනා කරමින්.
බන්ද්‍රා නගරයේ පිහිටි ඔවුන්ගේ මහල් නිවාස සංකීර්ණයේ දී කම්බිලි විසින් මත්පැන් පානය කර අවසානයේ දී ඇන්ඩ්‍රියාට පහර දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළ ද, තවමත් මෙම සිදුවීමට කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැහැ.