WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

භූ කම්පනයට කොටුවූ සුපිරි පාපන්දු තරුව

2023 February 07- Page Views : 358

තුර්කියේ භූ කම්පනය හේතුවෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු ගොඩනැගිලි අතර සිරවී සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ කළමනාකරු පවසයි.

විදෙස් මාධ්‍ය අදාළ කළමනාකරුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ Christian Atsu නමැති ක්‍රීඩකයා ගොඩනැගිලි සුන්බුන් අතරින් මුදාගෙන ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවය.

මේ අතර ඊයේ දිනයේ ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු Chelsea සහ Newcastle කණ්ඩායම් හි සුපිරි පාපන්දු තාරකාවක් වන Atsu තුර්කි භූ කම්පනයෙන් පසුව අතුරුදන් ව ඇති බවය.

අනතුරුව පසුව පළවූ වාර්තා සඳහන් කර තිබුණේ කඩාවැටුණු ගොඩනැගිලි අතරින් ඔහුව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවය.

Christian Atsu ඝානා කණ්ඩායමේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකි.

ඔහු මේ වනවිට තුර්කියේ Hatayspor ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගතව ක්‍රීඩා කරමින් සිටී.

ඒ අතරතුරදී ඔහු මෙලෙස අවාසනාවන්ත අනතුරට මුහුණදුන් බව පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔහුගේ දකුණු පාදය ආබාධයකයට ලක්ව ඇති බවත් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ Atsu පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බවය.

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4500කට ආසන්න වී තිබේ

ඒ අනුව තුර්කියේ පුද්ගලයින් 2921 දෙනෙකු මියගොස් ඇති අතර අසල්වැසි සිරියාවේ ද පුද්ගලයින් 1451 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 16,000කට ආසන්න වී තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා තවදුරටත් සහන කණ්ඩායම් විසින් මෙහෙයුම් සිදුකරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ දිනයේ තුර්කි සහ සිරියානු දේශසීමා ආසන්නයේ රික්ටර් මාපාංක 7යි දශම 8ක ප්‍රබලතාවයෙන් යුත් භූකම්පනයක් සහ රික්ටර් මාපාංක 7යි දශම 5කින් යුත් පසු කම්පනය තත්ත්වයක් හටගෙන තිබුණි