WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ට අලුත් මුහුණු දෙකක්

2023 February 07- Page Views : 358

ලබන මාර්තු මාසයේදී නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායකව ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැති සිව්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මොවුන් දෙදෙනා අදාළ සංචිතයට කැඳවා තිබේ.

පිතිකරුවකු ලෙස එංගලන්ත ලයන්ස් ඉදිරියේ සාර්ථක වූ 23 හැවිරිදි නිෂාන් මධුෂ්ක ඔවුන් සමග පැවැති පුහුණු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 150ක් සහ පළමු සිව්දින තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 241ක් වශයෙන් රැස්කර ගැණිණ.

මේ අතර දකුණතින් වේග පන්දු යවන මිලාන් ලයන්ස් සමග පැවැති සිව්දින තරගයේ පළමු ඉනිමේදී ලකුණු 81කට එක් කඩුල්ලක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 31කට කඩුලු 3ක් වශයෙන් දවාලීය