WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිංහ - කිවි ක්‍රිකට් ගැටුම ලබන මස ඇරඹේ

2023 February 09- Page Views : 358

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව නවසීලන්තය සමග ටෙස්ට් තරග දෙකකට මුහුණදීමට නියමිතයි.

ලබන මස 9 වනදා පළමු ටෙස්ට් තරගය ක්‍රයිස් චර්ච්හිදී පැවැත්වෙන අතර, දෙවන තරගය මාර්තු 17 වන දින ආරම්භ වන්නේ වෙලින්ටන් හිදීයි.

එමෙන් ම, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමග පන්දුවාර විස්ස සහ එක්දින තරග තුන බැගින් පැවැත්වීමට නියමිතයි.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ජුලි මස 7 සිට 11 දක්වා.

දෙවන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ජුලි මස 7 සිට 11 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

ලන්ඩන් ඕවල් හිදී පැවැත්වෙන මෙම අවසන් තරගය සඳහා අතිරේක දිනයක් ද ලබාදී තිබීම විශේෂත්වයක්.

මෙම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර මෙන්ම, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගවලින් තීරණය වනු ඇති.