WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නුවන්, ධනුෂ්ක, සචිත්‍රට එස්. එස්.සී තහනම්!

2023 February 23- Page Views : 358

අපකීර්තිමත් හැසිරීම යන කරුණ හේතුකරගනිමින් ධනුෂ්ක ගුණතිලක, සචිත්‍ර සේනානායක සහ නුවන් සොයිසාගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය තහනම් කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මොවුන්ගේ සමාජිකත්වය අහෝසි කරන්නේද යන්න සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ අතර කාලයේදී දින 14ක් තුළ ‍නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක්ද ලබා දී ඇතැයි පැවසේ.

මෙලෙස තහනමට ලක්විය යුතු සාමාජිකයන්ගේ ලැයිස්තුවට සනත් ජයසූරියගේ නමද ඇතුළත්ව තිබී ඇතත්, ඔහු ක්‍රීඩා සමාජ සමාජිකත්ව ගාස්තු ගෙවා නොමැතිවීම මත ඒ වන විටද ඔහුගේ සාමාජිකත්වය ඉබේම අහිමිව ඇති බව හෙළිවීමත් සමග සනත්ගේ නම මෙම ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයිද සැලවේ.

අර්ජුණ රණතුංග විසින් එස්.එස්.සී ක්‍රීඩා සමාජ විධායක කමිටුවේදී කරන ලද ප්‍රශ්න කිරීමකට අනුව අදාළ පුද්ගලයන්ගේ සමාජිකත්වය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන කථිකාව මතුව ඇතැයි පැවසේ.

එස්.එස්.සී සමාජික ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජය නිසි පියවරක් නොගන්නේ මන්දැයි අර්ජුණ විසින් එම විධායක කමිටුවේදී ප්‍රශ්න නගා තිබේ.

එයට ඌන පූර්ණයක් එක්කරමින්, ධනුෂ්ක ගුණතිලක පමණක් නොව තරග පාවාදීමේ චෝදනාවට ලක්ව දඩුවම් ලැබූ අයගේ සාමාජිකත්වය සම්බන්ධයෙන්ද පියවරක් ගත යුතු බවට මෙහිදී විධායක කමිටුවේ සෙසු සමාජිකයන් පවසා ඇත. අදාළ සෙසු නම් මෙම ලැයිස්තුවට එක්ව ඇත්තේ ඒ අනුවය