ධනුෂ්ක ආයෙත් රෑට එළියට යයි
2023 February 23- Page Views : 12
ඕස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ.
ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ.
31 හැවිරිදි ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි.
ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.