අවුරුදු 87ක ක්‍රිකට් වාර්තාවක් 40 හැවිරිදි ක්‍රීඩකයෙකු බිඳ දමයි
2023 February 23- Page Views : 358 වසර 87 ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් බිඳ වැටී තිබෙනවා. එම වාර්තාව බිඳ හෙළා ඇත්තේ අවුරුදු 40 යි දින 207 ක් වයසැති එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්.
ඔහු මෙලෙස බිහි කර ඇත්තේ ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නාවූ වයස්ගතම ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවයි. මීට පෙර 1936 වසරේදී මෙම වාර්තාව බිහිකර තිබුණේ ඔස්ටේ්‍රලියානු පාදඟ පන්දුයවන්නෙකු වන ක්ලැරී ග්‍රිමෙට්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබෙනවා. ඒ, නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා මතයි.
තරඟ 178 කට ක්‍රීඩාකර ඇති ජේම්ස් ඇන්ඩර්සන් බිඳහෙලා ඇති ටෙස්ට් කඬුලු සංඛ්‍යාව 682 ක්.