WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සහෝදරයන්ගේ සටන හෙට

2023 February 24- Page Views : 358

පාසල් මහා තරග වාරය ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 60 වැනි ‘සහෝදරයන්ගේ සටන’ හෙට (25) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා වන මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා (15) කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැත්විණි.

දිවයිනේ පැරණිතම පාසල් ක්‍රිකට් තරගාවලියක් වන "සහෝදරයන්ගේ සටන" 1964 දී ආරම්භ විය. මෙම සටනේදී පාසල් දෙකම "බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය" සඳහා තරඟ කරයි.

මෙම දෙවිදුහල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මේ වන විට ඉසිපතන විද්‍යාලය තරග 4ක් ජයගෙන ඇති අතර තර්ස්ටන් විද්‍යාලය තරග 6ක ජයග්‍රහණ ලබා ගනිමින් පෙරමුණේ පසුවෙයි.

මෙවර ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු විසින් මෙහෙයවනු ලබයි. කඩුලු රකින පිතිකරුවෙකු වන ශානික්‍ය දේශප්‍රිය තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවන අතර නවීන් කණිෂ්ක ඉසිපතන කණ්ඩායම මෙහෙයවයි.

නවීන් මෙවර ඉසිපතන පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයාද වන අතර නවීන් ඉසිපතන විදුහල් ඉතිහාසයේ එකම වසරේ ක්‍රීඩා දෙකක නායකත්වයට පත්වූ දෙවැනි ක්‍රීඩකයා වීම විශේෂත්වයකි.