WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එංගලන්ත ක්‍රීඩිකාවන් පැරදූ දකුණු අප්‍රිකාව, විස්සයි විස්ස අවසන් සටනට

2023 February 25- Page Views : 358

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ඕස්ටේ්‍රලියාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 164ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණයි. ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සහ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවන් අතර අවසාන මහා තරගය හෙට පැවැත්වෙනවා.