WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කල්පිටියේ ජල සරුංගල් ක්‍රීඩාවට ග්‍රීසියෙන් ක්‍රීඩිකයින් පිරිසක් මෙරටට

2023 February 25- Page Views : 358

කල්පිටිය ජල සරුංගල් ක්‍රීඩාව සඳහා එක්වීමට ග්‍රීසියේ සිට 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (25) දිවයිනට පැමිණියා.

පෙරවරු 8.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.650 දරණ යානයෙන් ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

අද මෙරටට පැමිණි මෙම ජල සරුංගල් ක්‍රීඩකයින් 35 දෙනා දින 10 ක කාලයක් දිවයිනේ රැදී සිටීමට නියමිතයි.

සෑම වසරකම යුරෝපීය රටවල ජල සරුංගල් ක්‍රීඩා සඳහා සහභාගි වන ක්‍රිඩකයන් වැඩි පිරිසක් දෙසැම්බර් සිට මාර්තු දක්වා සහ මැයි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුල කල්පිටියෙ ජල සරුංගල් ක්‍රීඩා සඳහා මෙරටට පැමිණෙනවා.