WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියානු කනිෂ්ඨ විවෘත ස්කොෂ් තරඟාවලියේදී සිව්වෙනි ස්ථානය නෙවිදුට හිමිවෙයි

2023 February 25- Page Views : 12

ඉන්දියානු කනිෂ්ඨ විවෘත ස්කොෂ් (squash) තරඟාවලියේ අවුරුදු 19න් පහළ තරඟයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙවිඳු ලක්මන් සමත් වුණා.

එම ජයග්‍රහණයත් සමඟ ස්කොෂ් (squash) ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 14වන ස්ථානය හිමි වූ තමන්ට ඉදිරියේදී පළමු 5දෙනා අතරට යාමට අවස්ථාව හිමිවන බවයි නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් නෙවිඳු ලක්මන් පැවසුවේ.

ඉන්දියාවේ දිල්ලි නුවරදී ඉන්දියානු කනිෂ්ඨ විවෘත ස්කොෂ් (squash) තරඟාවලිය පැවැත්වුණා.