ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට
2023 February 27- Page Views : 358 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T - 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ.
මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගියහ. ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T - 20 තරග 03 ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.
මෙම ටෙස්ට් තරග 02 ක , ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර සීමිත ඕවර් 50 තරග , ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතය
.
එසේම මෙම T - 20 තරග ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් සදහා ඉවහල් වන බව ද වාර්තා වේ .
නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරයි. එක් දින සීමිත ඕවර් 50 තරග සහ T - 20 තරග සදහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යෑමට නියමිතය .