WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පර්වීස් මහරුෆ් ස්වාධීන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

2023 February 27- Page Views : 358

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පත් කරන ලද ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජික පර්වීස් මහරුෆ් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ව්‍යවස්ථාමය කටයුතු පිළිබඳ තම දැනුම ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා දැනුවත් කර සිය ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම්දුන් බවයි.

ඉදිරියේදී ක්‍රිකට් සම්බන්ධ තාක්ෂණික කටයුත්තකදී අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද පර්වීස් මහරුෆ් සඳහන් කළා.

එම කමිටුවට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයන් දසදෙනෙකු ඇතුළත්.