අවසන් මහා තරගයක සුපිරි පන්දුයැවීමක්
2023 February 27- Page Views : 358 ඔස්ට්‍රේලියාවේ පැවති කාන්තා ක්‍රිකට් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
එහිදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් SAS කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 47කදී ලකුණු 243ක ඉලක්කයක් හිමිවිය.
ඒ අනුව SAS කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 4ක් රැස්කරගැනීමට තිබුණි.
එහිදී කිසිවෙකු නොසිතූ ලෙස තස්මේනියා කාන්තා කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම හමුවේ කඩුලු 5ම දැවී ගියේය.
එම පන්දුවාරයේදී SAS කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 2ක් පමණි.
ඒ අනුව තරගාවලියේ මෙවර ශුරතාවය මෙම තරගය ලකුණු 1කින් ජයගත් තස්මේනියා කාන්තා කණ්ඩායම සතුවිය.
එම අවසන් පන්දුවාරය පහතින්.