WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

2023 February 28- Page Views : 358

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යංශය එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හොත් ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට බලපෑමක් වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දැමීමට සිදුවුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැඩි අවධානය යොමු කිරීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එළඹෙන නිලවරණයට නාමයෝජනා භාරගැනීම අද (28) පස්වරු 3.30 ට අවසන් වීමට නියමිතය.