24 වන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට ඇරඹේ
2023 March 01- Page Views : 12
24 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට ආරම්භ වනවා. කොළඹින් ආරම්භ වී අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරඟය කිලෝමීටර් 410 කින් යුක්තයි.
එය මාර්තු මස 04 වනදා අවසන් වන්නේ අනුරාධපුරයෙන්. ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා තරඟය මාර්තු 04 වනදා හබරණ ප්‍රදේශයෙන් ආරම්භ වී අනුරාධපුරයෙන් අවසන් වනවා.
සියලු භූ ලක්ෂණවලින් සමන්විත මාර්ග කේන්ද්‍ර කර ගනිමින් මෙම පාපැදි සවාරිය සංවිධාන කර තිබෙනවා.
ගුවන් හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියට මාධ්‍ය අනුග්‍රහයද ලබාදෙනවා.