WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාපන්දු සම්මේලනයේ සිව් දෙනෙකු ඉල්ලා අස්වේ.

2023 March 01- Page Views : 359

පසුගිය 14 වෙනිදා නිලවරණයෙන් තේරී පත්වූ විධායක සභාවේ බහුතරයක් ඉල්ලා අස්වීම නිසා පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

මෙලෙස ඉල්ලා අස් වූයේ පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර,සී.දීපිකා කුමාරි ,සමන් දිල්හාන් නාගහවත්ත,ටී සුදාකර් යන අය බව කියයි.

මෙලෙස සාමාජිකයන් ඉල්ලා අස්වීම නිසා පාපන්දු සම්මේලනයේ කටයුතු පවත්වා ගෙන යාමට ගැටලුවක් මතුව තිබෙන අතර පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයකන් ගණන 11ක් වුවත් ජනවාරි 14 නිලවරණයෙන් තේරි පත් වූයේ 8 දෙනෙකු පමණක් බවත් ජනවාරි 21 වනදා සිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක්ද පනවා තිබෙන බවත් වාර්තා කරයි.