WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් හමුදා පාපැදි සවාරිය අද සිට

2023 March 02- Page Views : 358

24 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ආරම්භ වනවා. කොළඹින් ආරම්භ වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරඟය අදියර 03ක් යටතේ පැවැත්වෙන අතර එය මාර්තු මස 04 වනදා අවසන් වන්නේ අනුරාධපුරයෙන්.

ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා තරඟය මාර්තු 04 වනදා හබරණ ප්‍රදේශයෙන් ආරම්භ වී අනුරාධපුරයෙන් අවසන් වන බවයි ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති, කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේ අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවිර පැවසුවේ.

සියලු භූ ලක්ෂණවලින් සමන්විත මාර්ග කේන්ද්‍ර කර ගනිමින් මෙම පාපැදි සවාරිය සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ පැවසුවේ.