WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කායවර්ධන ලෝක ශූරතාවයක් දිනා ගත් හෂිනි දිවයිනට

2023 March 02- Page Views : 358

කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගත් හෂිනි හේවගේ අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා කාන්තා තරගාවලියට සහභාගී වූ ඇය තරග කළේ උස සෙන්ටිමීටර් 163 පංතියේ ”ස්පෝට්ස් මොඩල්” අංශයෙන්.

එම ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා. මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරනවා.