ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ෆ්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් තුනක්
2023 March 02- Page Views : 358 ඩුබායිහි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ෆ්‍රී තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා.
අනිල් ප්‍රසන්න ජයලත් මීටර් 100 ටී 42 ඉසව්වේ රන් පදක්කමත්, සමන් සුබසිංහ මීටර් 400 ටී 46 ඉසව්වේ රන් පදක්කමත් දිනාගනු ලැබුවා.
මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කළ නුවන්දික ඉන්දික මීටර් 100 ටී 44 ඉසව්වේ රිදී පදක්කම ද හිමිකරගෙන තිබෙනවා.