ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය
2023 March 07- Page Views : 359 ක්‍රිකට් පිටියේ විනිසුරු තීරණය අභියෝගයට ලක් කරමින් නව නීතියක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව වයිඩ් පන්දු සහ නිපන්දු අවස්ථාවන්හිදී විනිසුරු තීරණය අභියෝගයට ලක්කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වනු ඇත.
එම නව නීතිය ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වරට භාවිතයට ගැනීමට නියමිතයි.
අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් පිරිමි ක්‍රිකට් තරගාවලියේදී භාවිතයට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
ක්‍රිකට් විචාරකයින් පවසන්නේ එමගින් විනිසුරුවරයාගේ කාර්යභාරය තවදුරටත් ලිහිල් වීමක් සිදුවන අතර වඩාත් නිවැරදි තීන්දු තීරණ ගැනීමට අවස්ථාව හිමිවන බවයි