WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක නිරූපණ ශිල්පියන් අතර තෙවැනි තැන දිනූ සඳලි දිවයිනට

2023 March 07- Page Views : 359

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි " ලෝක නිරූපණ ශිල්පිනී - 2023 ( Top Model Of The World - 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදළි පීරිස් මෙනවිය 03/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20 දින සිට මෙම මාර්තු මස 03 දක්වා , ලෝකයේ රටවල් 42 ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

22 හැවිරිදි සදළි පීරිස් මෙනවිය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක " බැලේ " නර්තන උපදේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නීය.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03/07 දින උදෑසන 08.30 ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය.

එහිදී සදළි පීරිස් මෙනවිය සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව ප්‍රකාශ කරමින් , ඉදිරි මාස 06 ක කාළයක් ඉන්දියාවේ විශාලතම නිරූපණ ශිල්පී ආයතනයේ ආරාධනාවක් මත එහි සේවය සදහා යන බවත් , ඒ අතරතුර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත මෙරටට පැමිණ නිරූපණ ශිල්පී කටයුතු වල නිරත වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

ඇය පිළිගැනීම සදහා ඇයගේ පවුලේ උදවිය , ඇයගේ නිරූපණ ශිල්පී උපදේශක බ්‍රයන් කර්කෝවන් , ඇය සේවය කරන නිරූපණ ශිල්පී ආයතනයේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.