WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අයි.පී.එල් කාන්තා තරගය ප්‍රේක්ෂකයන්ට අද නොමිලේ නැරඹීමට අවස්ථාව

2023 March 08- Page Views : 359

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ අද පැවැත්වෙන තරඟය ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය හේතුවෙන්. ගුජරාට් ජයන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මෙම තරඟය මුම්බායිහීදි ආරම්භ වන්නේ රාත්‍රී 7යි 30ටයි.

මේ අතර මෙම තරඟාවලියට අදාළව ඊයේ පැවති තවත් තරඟයකින් යූපි වොරියස් කණ්ඩායම පරදවා ලකුණු 42ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 04ක් දැවී ලකුණු 211ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි