වෙනදා නවසීලන්තයට එනවාට වැඩිය මෙදා ඇඟට සුවයි
2023 March 08- Page Views : 358 නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වීමට නියමිත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියට දඟ පන්දු යවන්නෙකු ඇතුලත් විය හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේය.
ඒ ටෙස්ට් තරගයට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙහිදී දිමුත් නවසීලන්තයේ කාලගුණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව නවසීලන්ත ක්‍රිකට් සංචාරය කරන සෘතු වලට වඩා වෙනස් බව සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී ක්‍රයිස්චර්ච් හි කාලගුණය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිමුත් 'කාලගුණය ගත්තොත් මේ තරගයේදී අපිට හිතකර තත්ත්වයක් තිබේවි. වෙනදට අපි නවසීලන්තෙට එන්නේ දෙසැම්බර් වගේ. ඒ කාලේට සීතලයි. නමුත් මේ පාර රස්නෙයි. ඒ කියන්නේ අපේ රටේ කාලගුණයට සමානයි. ඒ නිසා අපිට පහසුවෙයි කියලා හිතනවා.
මෙවර කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිමුත් ' සාමාන්‍යයෙන් නවසීලන්ත තණතිලි වේග පන්දු යවන්නන්ට හිතකරයි. නමුත් මේ කාලගුණය එක්ක තණතිල්ල ඉක්මනින් වේලිලා දඟ පන්දු යවන්නෙක්ට හිතකර වෙයි කියලත් අපි කරපු සාකච්ඡාවලදී අපි හිතුවා. ඒ නිසා බොහෝවිට වේග පන්දු යවන්නන් 3 දෙනෙකු එක්ක දඟ පන්දු යවන්නෙක් පළමු තරගයට භාවිතා කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.' යි පැවසුවේය.
ලෝක ටෙස්ට් ශූරතාව යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගාවලිය මෙය වන අතර එහි ජයග්‍රහණය අනුව ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගයට පිවිසීම පිලිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකිය.