ශ්‍රි ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නිකුත් වීමට නියමිත විගණන වාර්තාව ප්‍රමාද වෙයි
2023 March 08- Page Views : 359 ශ්‍රි ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නිකුත් වීමට නියමිත විගණන වාර්තාව තවත් සති කිහිපයකින් ප්‍රමාද වනු ඇති බව වාර්තා වෙනවා.
ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිකුත් වූ වාර්තාවට අදාළව විගණන වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විගණකාධි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.
එම වාර්තාව ලැබෙනතුරු ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමක් සිදුනොකරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට මීට පෙර දැනුම් දී තිබුණේ.