ලංකාව කඩුලු 5ට ලකුණු 262යි
2023 March 09- Page Views : 359 ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 65කදී කඩුලු පහක් දැවී ලකුණු 262ක් රැස්කරගෙන සිටියි.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මේ වන විට නිරෝෂන් දික්වැල්ල 1* හා ධනංජයද සිල්වා 18* නොදැවී පිටියේ රැදී සිටිති.