තොරතුරු තාක්ෂණ අංශයේ 63 දෙනෙකු අගයමින් සම්මාන
2023 March 09- Page Views : 138 2030 වසරවන විට මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ ශක්තිමත් සංධිස්ථානයක් ඇතිකිරීම සඳහා සැළසුම් සකස්කරමින් සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ඊ-ස්වාභිමානි සම්මාන ප්‍රදානෝත්සවයට ඊයේ (08) එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
2020, 2021 වසරවලට අදාළව අංශ 10ක් ඔස්සේ නව යෙදවුම් නිර්මාණය කළ තොරතුරු තාක්ෂණ අංශයේ පුද්ගලයින් 63 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රදානය කර තිබෙනවා.