WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 355යි

2023 March 10- Page Views : 359

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා සියලුදෙනා ලකුණු 355ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිතිකරුවන්‌ ලකුණු රැස්කර ගත්තේ මෙසේය, කුසල් මෙන්ඩිස් ලකුණු 87යි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 50යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47යි. ධනංජය ද සිල්වා ලකුණු 46යි. දිනේශ් චන්දිමාල් ලකුණු 39යි. කසුන් රජිත ලකුණු 13යි. ඕෂද ප්‍රනාන්දු ලකුණු 13යි. ලහිරු කුමාර ලකුණු 13යි (නොදැවී). අසිත ප්‍රනාන්දු ලකුණු 10යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 7යි. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී කඩුළු 5ක් දවා ගැනීමට නායක ටිම් සවුදි සමත් විය.

මැට් හැරි කඩුළු 4ක් දවා ගත්තේය. ඒ අනුව මේ වන විට නවසීලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබේ.