WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවැනි දිනය නිමා වන විට සිංහයන්ගෙන් කිවියන්ට තරමක පීඩනයක්

2023 March 10- Page Views : 359

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (09) ආරම්භ වුණා.

ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර් හි දී.

කාසිය වාසිය දිනූ නවසීලන්ත නායක ටිම් සවුදි පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 355ක්.

එහි දී නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතකය බැගින් ලබා ගත්තා.

පළමු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනය නිමා වන විට ලකුණු 162ක් රැස් කර ගත්තේ, කඩුලු 5ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙ නමට ලියා දෙමින්.

මේ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ යම් පීඩනයකට පත් ව ඇති බව ද හඳුනාගත හැකි යි.

නවසීලන්තය වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 67ක් ලබා සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.,

ඩාරිල් මිචෙල් නො දැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටිනවා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

හෙට තරගයේ තෙවැනි දිනය යි.