WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටන අද ඇරඹේ

2023 March 16- Page Views : 358

කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (16) ආරම්භ වේ.

මෙවර නිල් මහ සටන පැවැත්වෙන්නේ 144 වැනි වරටයි.

ලොව පැරණිම පාසල් මහා ක්‍රිකට් තරග අතර මෙම තරගයට දෙවැනි ස්ථානය හිමි වේ.

මෙරට විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග අතර ප්‍රමුඛස්ථානය ගන්නා 'නිල් මහ සටන' පළමු වරට පැවැත්වුණේ 1879 වසරේදීයි.

තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට සෑම වසරකම ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ තම පාසල වෙත රැගෙන යාමට අවස්ථාව උදා වේ.

මේ වනවිට ඊට හිමිකම් කියන්නේ 2019 වසරේදී තරගය ජය ගත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි.

රොමේෂ් මෙන්ඩිස් මෙවර නිල් මහ සටනට එක්වන ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත.

රාජකීය කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ දසිස් මංචනායකගේ නායකත්වයෙනි.

144 වැනි නිල් මහ සටන කොළඹ එස්. එස්. සී පිටියේදී අද සිට ලබන සෙනසුරාදා දක්වා පැවැත්වේ.