WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

2023 March 16- Page Views : 358

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය හෙට (17) ආරම්භවීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (17) අළුයම 3.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලිංටන් ක්‍රීඩාංගණයේදීයි.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 2කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

එම තරගයේ ශ්‍රී ලංකා පිල ලැබූ පරාජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.