WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 March 17- Page Views : 358

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.

ඒ අනුව නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අළුයම 3.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද, වෙලිංටන් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය.

විනිසුරුවරුන් තරගය ආරම්භ කිරීමට මෙතෙක් නිශ්චිත වේලාවක් නිල වශයෙන් දැනුම් දී නොමැත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති පළමු තරගය කඩුළු 2කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.