WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අඳුරෙන් හා සුළඟෙන් නවසීලන්ත ඉනිමට බාධා

2023 March 17- Page Views : 359

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු ඉනිමට පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් දිනයට නියමිත පන්දුවාර ප්‍රමාණය නිමා වීමට මත්තෙන් නවතා දැමුණා.

තරගය නවතා දමන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා.

එහි දී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ලකුණු 78ක් ලබා ගත් අතර ටොම් ලෙතම් ලකුණු 28ක් ලබා ගත්තා.

තරගය නවතා දමන විට පන්දුවට පහර දෙමින් සිටි කේන් විලියම්සන් ලකුණු 26ක් ද හෙන්රි නිකොල්ස් ලකුණු 18ක් ද ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත සහ ධනංජය සිල්වා කඩුළු 1 බැගින් ලබා ගත්තා.