නවසීලන්තය ද්විත්ව ශතක 2ක් සමගින් පළමු ඉනිමට ලකුණු 580ක් ලබා ගනී..
2023 March 18- Page Views : 358 සත්කාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් වෙලිංටන්හීදී අද පැවැත්විය.
අද දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 26කි.
ශෙහාන් ජයසූරිය සහ දිමුත් කරුණාරත්න නොදැවී කඩුලේ රැඳී සිටී.
තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරමින් කඩුලු 4කට ලකුණු 580ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවිය.
නවසීලන්තයේ තුන්වැන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 363ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් සමත් විය.
කේන් විලියම්සන් ඔහුගේ හයවැනි ජාත්‍යන්තර ටෙස්ට් ද්විත්ව ශතකය සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 215කි.
ඔහුත් සමග අගනා ඉනිමක් ක්‍රීඩා කළ හෙන්රි නිකොල්ස් තම මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සමග නොදැවී ලකුණු 200ක් රැස් කළේය.