නිල් මහ සටනේ ජය රාජකීයන්ට
2023 March 18- Page Views : 358 කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටන ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (18) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.
ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.
කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 168ක් රැස් කළ අතර ශාන්ත තෝමස් විද්‍යාලය රැස් කළේ ලකුණු 161කි.