WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

2023 March 19- Page Views : 358

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංග්ටන්හි දී මේ වනවිට පැවැත්වෙන (19) දෙවැනි ටෙස්ට් දිනයේ සිව්වෙනි දිනයේ දී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය ලබා ගැනීමට හතරේ පහර 08ක් එල්ල කළා.

සිය 17 වැනි අර්ධ ශතකයට අද දිනයේ දී හිමිකම් කියූ කුසල් මෙන්ඩිස් මේ වනවිට පිටියේ රැඳී සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් ද සමගින්.

සිය පළමු ඉනිමට නවසීලන්ත කණ්ඩායමෙන් 580ක ඉලක්කයක් හිමිවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමට ලබාගත හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 164ක් පමණි.

සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 112ක් ලබා සිටින්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 304ක් පිටිපසින්.