WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තයට ඉනිමක හා ලකුණු 58ක ජයක්

2023 March 20- Page Views : 81

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමට මීට සුළු වේලාවකට පෙර සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක සහ ලකුණු 58කින් ජය ගැනීමත් සමගය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්නගේ ආරාධනයට අනුව ප්‍රථම ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදීම සදහා වෙලිංටන් පිටියට පැමිණි නවසීලන්ත පිල කඩුළු 4ක් දැවී ලකුණු 580ක් රැස්කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 164ක් පමණී.

අනතුරුව ශ්‍රී ලංකා පිල ලකුණු 416ක අභියෝගය භාරගනිමින් දෙවැනිම ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 358ක් පමණී.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත් විය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 51යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 50යි.

ඒ අනුව මෙම ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය.

තරගයේ වීරයා සම්මානය හෙන්රි නිකලස්ට හිමි විය.

තරගාවලියේ වීරයා සම්මානය කේන් විලියම්සන්ට හිමි විය.