ඖෂධ හිඟය ගැන සොයන්න මානම හිමිකම් කොමිසම හෙට යළි රැස්වෙයි
2023 March 22- Page Views : 25 ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානම හිමිකම් කොමිසම හෙට යළි රැස්වීමට නියමිතයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුවයි එම විමර්ශනය ආරම්භ කර ඇත.
මීට පෙර අවස්ථා දෙකකදී මෙම විමර්ශනය පවත්වා තිබුණ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගී වී සිට නැහැ.
අදාළ විමර්ශනය 2023.03.23 වන දින උදෑසන 10 මානම හිමිකම් කොමිසම රැස්වීමට නියමිත බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.