දෙවැනි තරගය අවලංගු කෙරේ
2023 March 28- Page Views : 359 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය, නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවලංගුකර තිබේ.
තරගය ක්‍රයිස්ට්චර්ච්හීදී දී පැවැත්වීමට නියමිතව තිබුණි.
තරගාවලියේ තෙවැනි තරගය හැමිල්ටන් හීදී සිකුරාදා පැවැත්වෙයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 198කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.