සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයා IPL තරගාවලියෙන් ඉවත් වෙයි
2023 April 05- Page Views : 358 කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ, ජාත්‍යන්තර තරග සහ පෞද්ගලික හේතූන් මතය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන ශකීබ් අල් හසන් මේ වන විට ක්‍රීඩා කර ඇති IPL තරග සංඛ්‍යාව 71කි.
ඉන්දීය රුපියල් කෝටි එකහමාකරකට මුදලකටයි ශකිබ් අල් හසන්ව කොල්කටා කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගෙන තිබුණි.
ඔහු මේ වන විට IPL තරගාවලියේදී ලකුණු 693ක් සහ කඩුලු 63ක් දවා ගනිමින් දස්කම් දක්වා තිබේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර තරග සහ පෞද්ගලික හේතූන් මත මෙවර IPL තරග වාරයෙන් ඉවත්වීමට තමන් තිණය කර ඇති බව ශකීබ් අල් හසන් කොල්කටා කණ්ඩායම් කළමණාකාරීත්වයට දැනුම් දී ඇත.
ඒ අනුව, ශකිබ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කොල්කටා කණ්ඩායම ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, කොල්කටා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බංග්ලාදේශයේ ලිටොන් දාස් අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසුව තවත් දින කිහිපයකින් IPL තරගාවලියට එක් වනු ඇත.