WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහීෂ් තීක්ෂණ තවත් ඉදිරියට

2023 April 06- Page Views : 358

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයින් 10දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.

ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලට අමතරව මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 10වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් තීක්ෂණ ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස 10 වන ස්ථානයට පත්ව ඇති බව සඳහන්ය.

ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන අතර වනිඳු හසරංග එහි දෙවන ස්ථානයේ පසුවේය.