WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයේදී අරුණ ගෙන් දස්කමක්

2023 May 06- Page Views : 37

ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ අද (06) පැවති පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්විය.

ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

ඔහුට එම ඉසව්වේදී හිමිවූයේ දෙවන ස්ථානයයි.

මීට දින කිහිපයකට පෙර ජපානයේදී පැවති තරගයකදීම අරුණ දර්ශන තත්ත්පර 45.59ක කාලයක් වාර්තා කළේය.

මේ අතර ඉන්දීය විවෘත පැරා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලියේ ටී 46 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඒ තත්පර 13 .71ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

T 35/42/47/62 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ කුමුදිකා දයානී තත්පර 13.55ක දක්ෂතාවක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.