ICC උප සභාපතිවරයා ක්‍රිකට් ගැන හොයන්න ලංකාවට
2023 May 11- Page Views : 47 ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇති බවට වාර්තා වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ICC උප සභාපති ඉම්රාන් කවාජා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ඒ මහතා දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත ICC උප සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණි.